ජනපති කොමිෂන් සභා 17ටකෝටි 27ක් වැය කරලා!

Published in පුවත්
Wednesday, 20 August 2014 11:14
2005 වසරේ සිට 2013 දක්වා අතර කාලයේදී පත්කළ ජනාධිපති කොමිෂන් සභා 17 ක් වෙනුවෙන් රුපියල් කෝටි 27 ක් වැය කර ඇති බව ඊයේ (19 දා) පාර්ලිමේන්තුවේදී හෙළි විය.
 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස රජය මෙම තොරතුරු හෙළි කළේය.
 
ඉන් එක් කොමිෂන් සභාවක් හැර සෙසු කොමිෂන් සභා වාර්තා ඉදිරිපත් කර ඇති අතර, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය. 
 
ඊට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ එසේ කිරීමේ නීතිමය අවශ්‍යතාවක් නොමැති බවත් පනත අනුව එකී වාර්තා ලබා දිය යුත්තේ ඒවා පත්කළ බලධාරියා වන ජනාධිපතිවරයාට පමණක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
 
කෙසේ නමුත් අනුර කුමාර මන්ත්‍රීවරයා කියා සිටියේ එතරම් මුදල් ප්‍රමාණයක් වැය කර පත්කළ කොමිෂන් සභා පිළිබඳ තොරතුරු දැනගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බවයි. 
 
(මූලාශ්‍රය අද)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us