ශ්‍රීලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් කරයි.

Published in පුවත්
Tuesday, 01 November 2022 13:58

විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලබන ආයෝජකයන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මඟින් ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.

ඒ අනුව වරාය, නාවික හා ගුවන් සේවා ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබදව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය මුදල්, ආර්තික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාතයාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

ශ්රීලංකන් එයාර් ලයින් ආයතනය රජයේ බාරයට ගැනීමෙන් පසු එම ආයතනය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීය ඉක්මවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනය 2020-2021 අතර කාලයේදී පමණක් ලබා ඇති පාඩුව රුපියල් කෝටි හාර දහස් පන් සිය හැට හතකි. ආයතනය දිනකදී ලබන පාඩුව රුපියල් අට කෝටි හතළිස් ලක්ෂයකි.

Last modified on Tuesday, 01 November 2022 14:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us