FIFA පාපන්දු තරගාවලියෙන් සංචාරක කර්මාන්තය ගොඩයන ලකුණු     Featured

Published in පුවත්
Monday, 21 November 2022 13:49

ඩෝහා -කාටර් හී පැවැත්වෙන මෙවර ලෝක ශූරතා පාපන්දු තරගාවලියට (FIFA) සමගාමීව මෙරට සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීම වෙනුවෙන් දියත් කළ වැඩපිළිවෙලද සාර්ථක වන ලකුණු පහළ වී ඇත. ඊයේ දින ආරම්බ වූ කටාර් - ඉක්වදෝර් පළමු තරගයෙන් පසුව පාපන්දු ලෝලින් ගනනාවක් මෙරට සිය අතරමැදි නවාතැන ලෙස යොදා ගැනීම සිදුව තිබේ. ඉදිරි දින කිහිපයේදී මෙම ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවීමට නියමිත බව මේ වන විට ලැබී තිබෙන තොරතුරු සනාත කරයි.

මේ අතර මෙම වසර තුළ මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 6 ඊයේ දිනය වන විට ඉක්මවා තිබේ. 2021 වසර හා සංසන්දනය කිරීම දී සියයට 900 ක පමණ වර්ධනයක් අත්පත් කරගැනීමකි.

මෙම ලෝක ශූරතා පාපන්දු තරගාවලිය නැරඹීම වෙනුවෙන් කටාර් වලට පැමිණීමට නියමිත ක්‍රීඩා ලෝලීන් පිරිස මිලියන ගනනක් වනු ඇත. සාමාන්‍යයෙන් තරග නැරඹීම හා ඒ ආශ්‍රිත විනෝදාස්වාදය වෙනුවෙන් දිනකට ලක්ෂ 4 ක 5ක් අතර සංචාරක පිරිසක් කාටර් රාජ්‍යයට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරයි. නමුත් මෙහිදී කටාර් රාජ්‍ය මුහුණ දෙන ගැටලුව් වී ඇත්තේ එසේ පැමිණෙන සංචාරකයන් සදහා ප්‍රමාණවත් හෝටල් කාමර පහසුකම් සලසා දීමේ නොහැකියාවය. කටාර් හි පවතින්නේ හෝටල් කාමර 45,000 ක පමණ ප්‍රමාණයකි. මේ නිසා කටාර් රාජ්‍යයේ සැලසුම වී ඇත්තේ අසල් වැසි රාජ්‍යයන් වන ඩුබායි, බහරේන්, ඕමාන් වැනි රාජ්‍යයන් කරා මෙම සංචාරයක් යොමු කිරීමටය. එසේම පාවෙන හොටල් ලෙස දැවැන්ත මඟි නෞකා ගනනාවක්ම සූදානම් කර තිබේ.

ක්‍රිඩාංගන 8 ක කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග 64 පැවැත්වීමට නියමිත අතර සාමාන්‍යයෙන් තරග කාල සටහන් අනුව එක් කණ්ඩායමක් තරගයකට මුහුණ දුන් පසුව මීළඟ තරගය පැවැත්වෙන්නේ දින 4 කින් 5කින් පමණය. මේ නිසා රටක් වෙනුවෙන් සහය දැක්වීම සඳහා සහභාගී වන ප්‍රේක්ෂකයන්ට එම අතර මැදි දින කිහිපය ගත කිරීම සඳහා අසල් වැසි රාජ්‍යයකට ගොස් කාලය ගත කිරීම අනිවාර්ය තත්වයක් වී තිබේ. මේ අනුව ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් පිරිසකට මෙම තරග අතරතුර කාලයේ දී නිරන්තරයෙන් රටකින් රටකට යෑම් ඊම් කිරීම සිදු වෙනු ඇත. එසේම මෙම තරග සංවිධායකයන් අනිවාර්යෙම තරගාවලිය සංවිධානය කරන්නේ ක්‍රිඩා ප්‍රේක්ෂගාරයේ ඇති එක් අසුනක් හෝ හිස් නොවන ලෙස ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමේ තහවුරුව ඇතිවය. එසේ නොමැතිව මෙවැනි දැවැන්ත තරගාවලි සංවිධානය කරන්නේ නැත. මේ නිසා අනිවර්යෙන්ම මෙම සංචාරක පිරිස කාටර් වලට පැමිණීම සිදුවනුද ඇත.

එමෙන්ම කටාර් සහ අසල්වැසි රාජ්‍යයයන් වල පවතින ආගමික සංස්කෘතික නීති රීතිවල දැඩි බව නිසා මෙලෙස පැමීණෙන සංචාරකයන් එම රාජ්‍යයන්හී නැවාතැන් ගැනීමට මැලිකමක් දැක්වීම දැනටම ප්‍රකාශයට පත්ව තිබේ. මේ අනුව තාඩන පීඩන නොමැති නිදහස් සංස්කෘතික අවකාශයන් සොයා යෑමේ නැඹුරුව නිසා එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.

ශ්‍රි ලංකා සංචාරක අධිකාරිය සහ සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රධානින් සැලසුම් කළේ මෙම පාපන්දු ලෝලී සංචාරයකයන්ගෙන් විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමටය. කාටර් සිට මෙරටට ගුවන් ගමන සඳහා වැය වන්නේ පැය 4 ක පමණ කාලයක් නිසා සංචාරක පැමිණීමට රටවල් අතර දුර ප්‍රශ්නයක් නොවනු ද ඇත. එසේම මෙම සංචාරයන් සඳහා මීගමුව වෙරළ කලාපය කේන්ද්‍රකරගත පාපන්දු ශූරතා සංචාරක කලාපයක් හඳුන්වා දී තිබේ. මෙවැනි වැඩසටහනත් මෙරට සිදුකරන්නේ ප්‍රථම වතාවටය. මෙහිදී සංචාරයක් වෙනුවෙන් සුවිශේෂි වැඩ සටහන් ගනන්වක්ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙරට ගුවන් ගමන් සහ හෝටල් පහසුකම් වෙනුවෙන් අඩු මිලක් අය කිරීම මත මෙම සංචාරක ආකර්ෂණය කරගැනීමට විශාල පහසුවක් වන බවත් පැවැසේ. දැනට සැලසුම් කර තිබෙන ලෙස රාත්‍රී 3ක් සඳහා මෙම එක් සංචාරකයකුට ගුවන් ටිකට් පතද ඇතුලුව හෝටල් පහසුකම් සඳහා වැය කිරීමට වන අවම මිල ඩෝලර් 650 ක මුදකි. විවිධ මිල ගනන් යටතේ තවත් පැකේජ කිහිපයක් හදුන්වා දී තිබේ. කටාර් සහ අසල්වැසි රාජ්‍යන්හී හොටල් මිල හා සසැදිමේ දී දිනකට ඩෝලර් 650 කට වැඩි මුදලක් එම රාජ්‍යයහිදී වැය කිරීමට සිදුව තිබිම මත ශ්‍රී ලංකාව තෝරා ගැනීමේ අවස්ථා ඉහළ යනු ද ඇත.

ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක් වන කටාර් එයා(ර්)වේස් සමාගම හා ගුවන් යානා 250ත් වඩා වැඩි ප්‍රමාණයක් ඇති ෆ්ලයි ඩුබායි ගුවන් සමාගම හා මෙරට බලධාරීන් මේ වන විටත් සීත සමය ඉලක්ක කරගනිමින් සංචාරකයන් වැඩි වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමත් ගැන සාකච්ඡාකර ඇත. විශේෂයෙන්ම පාපන්දු තරගාවලිය පැවැත්වෙන් නොවැම්බර් 20 හා දෙසැම්බර් 18 දක්වා රටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහල නංවා ගැනීමට මෙමගින් අපේක්ෂා කරයි.

මේ අනගි අවස්ථාව රට තුළට ලබා ගැනීමට නම් මෙරට ආර්ථික සහ දේශපාලනික ස්ථාවරත්වය, රට තුළ සාමය පැවැතීම අනිවාර්යයකි. එයට බාධාකරමින් යම් හෝ කඩකප්පල්කාරී ක්‍රියා සිදුවේ නම් මෙරට සංචාරය සඳහා නොසුදුසු රටක් ලෙස නම් කෙරී මේ අනගි අවස්ථාව රටෙන් ගිලිහෙනු ඇත. විටින් විට පටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් කොළඹ වටලෑමේ ත්‍රාඩ විරෝධතාවය අකුලා ගන්නා ලෙස සංචාරක කර්මාන්තයෙහි ව්‍යපාරික ප්‍රජාව සහ ව්‍යාපාරික සංවිධාන දිගින් දිගටම විපක්ෂයට ආයාචනා කර සිටී. ඒ ඩොලර් අර්බුදයක් තිබෙන රටට ඩොලර් ලැබීමේ මාර්ග දැන දැනම අහිමි කිරීම, රට කරන ද්‍රෝහීකමක් වවන එබැවිනි.

මේ අතර විදේශ සංචාර සම්බන්ධයෙන් හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව බවට යළිත් වරක් ජත්‍යන්තර ඇගයීම් වල සලකුණු වීමත් මෙරට සංචාරක ව්‍යපාරයට ඉතා වාසිදායක තත්වයක් ඇති කර තිබේ.
වර්ල්ඞ් පැකර් වෙබ් අඩවිය සදහන් කරන පරිදි මෙරට සංස්කෘතියත් සමග බැඳුනු ආගන්තුක සත්කාරය නිසා ශ්‍රි ලංකාව දකුණු ආසියාවේ එකම සහ ලෝකයේ ආරක්ෂිත සංචාරක ගමනාන්ත සහිත රටවල් අතරේ 12 වන ස්ථානයට පත්ව තිබේ.

කොහොම නමුත් යුරෝපයේ මෙම ශීත සෘතුව තුළ මෙරටට පැමිණෙන සංචරකයන්ගේ ප්‍රමාණයයෙහි ඉහළ වර්ධනයක් අපේක්ෂා කර තිබිණි. එමෙන්ම යුරෝපය තුල මේ දිනවළ ඉහළ යන උද්ධමන තත්වයන් මතද අඩු වියදම් සහිත් රටවල නිවාඩු ගතකිරීම තෝරා ගැනීමේ ප්‍රවණතාවයක් තිබේ.

Last modified on Monday, 21 November 2022 13:58

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us