විපක්ෂය අයවැය පරද්දන්න යන්නෙ.. මහ මැතිවරණයකට සූදානම් වෙන්න ! 

Published in පුවත්
Monday, 21 November 2022 22:26

රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ ප්‍රථම අය වැය යෝජනාවම පාරජය කිරීමට විපක්ෂයේ පක්ෂ තීරණය කර ඇත. ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, විමල් වීරවංශ කණ්ඩායම, ඩලස් - ජී එල් කණ්ඩායම, අනුර යාපා ඇතුළු ස්වාධීන කණ්ඩායම මේ වන විට අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට තීරණය කර ඇත. ඔවුන්ගේ ගනන් හැදීම අනුව අයවැය පරාජය කිරීමට අවශ්‍ය බහුතර ඡන්ද ප්‍රමාණය ඔවුන්ට ලැබීමට නියමිතය.

අයවැය දෙවන වර කියවීමට අදාල ඡන්ද විමසීම එළැඹෙන 22 වනදා පැවැත්වෙන අතර තෙවනවර කියවීමට අදාල ඡන්ද විමසීම දෙසැම්බර් 08 වෙනුදා සිදු වේ. මෙම අවස්ථා දෙකේදීම ඇයවැය යෝජනාව පරාජය වුවහොත් ආණ්ඩුව විසුරුවා හැරියා සේ සලකන අතර නැවත මහ මැතිවරණයක් පවත්වා ජනතාව නව ආණ්ඩුවක් ‍තෝරා පත් කර ගත යුතුය.

විපක්ෂ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මහ මැතිවරණයක් ඉල්ලමින් දැන් මාස ගනනාවක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වෙයි. ඔවුන්ට අනුව රටේ ආර්ථික අර්බුදය විසැඳිය හැක්කේ මහ මැතිවරණයකින් පසුව එන ආණ්ඩුවට පමණි. මෙම පක්ෂ අතරින් සජබය, ශ්‍රීලනිපය සහ ජාජබය තමන්ට ආණ්ඩුවක් පිහි‍ටුවීමේ ජන වරම ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයකින් පසුවේ.

කොහොම නමුත් වත්මන් දේශපාලන තත්වයන් අනුව මහ මැතිවරණයකදී ලැබිය හැකි ප්‍රතිපළය ගැන අනුමාන කළ හැක්කේ කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබී යාමේ ඉඩ කඩ විශාල බවය. මහ මැතිවරණයකදී දැනට වෙන් වෙන්ව සිටින කොටස් ඒකාබද්ධව සන්ධාන ගත වීම සිදු විය හැකි නමුත් ප්‍රධාන කණ්ඩායම් හතරක් පහක් නිර්මාණය වීම සිදුවිය හැකිය. මෙහිදී බොහෝ විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධාන්යක් පොදුජන පෙරමුණේ, ශ්‍රීලනිපයේ සහ සජබයේ නියෝජිතයන්ගෙන් බිහිවීම සිදු වෙනු ඇති බව දැනටම තොරතුරු වාර්ථා වී තිබේ. එය වඩාත් ශක්තිමත් සන්ධානයක් විය හැකි අතර පාර්ලිමේන්තුව තුල සැලකිය යුතු වැඩි පංගුවක් එය හිමිකර ගනුද ඇතැයි අනුමාන කළ හැකිය. සජබය සමඟ පක්ෂ කිහිපයක් සන්ධාන ගත වීමක් වෙනුද ඇත. ශ්‍රීලනීපයද වෙනම සන්ධාන්යකට එකතු වීම විය හැකිය. සෙසු සුළු පක්ෂ කොටස් මැතිවරණ ගිවිසුම් හරහා ඒ ඒ සන්ධාන සමඟ එකතුවීම විය හැකිය. ජවිපෙ ප්‍රමුඛ ජාජබයට තවත් පක්ෂවල පිරිස් එකතුවීමත් විය හැකි අතර එය වෙන්ම සන්ධානයක් ලෙස ඉදිරිපත් වෙනු ඇත. ඒ කෙසේ වෙතත් මේ විපක්ෂ සියලු දෙනා එක් සන්ධානයකට ගොනු වීම සිදු නොවනු ඇත. මන්ද නාමයෝජනා සැකසීමේ දී ඒ සියලු දෙනාට එක් පක්ෂයකින් නාම යෝජනා හා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබා දීමේ ප්‍රායෝගික හැකියාවක් නොපවතින නිසාය. ප්‍රධාන පක්ෂ වල ප්‍රදේශීය බලවතුන්ගේ බරපතල විරෝධයන් සන්ධානගතවීමට කැමැති අනෙක් පක්ෂ කෙරෙහි එල්ල වීමද අනිවාර්ය තත්වයකි.

කොහොම නමුත් විපක්ෂය බලාපොරොත්තු වන පරිදි අය වැය පරාජය කර අලුත් ස්ථාවර ආණ්ඩුවක් පිහි‍ටුවාගෙන රටේ අර්බුද විසඳිය හැකි නම් ඒ යහපත් දෙයකි. නමුත් කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබී අස්ථාවර බවක් ඇති වුවහොත් රට යළි ගොඩ ගත නොහැකි ආගාධයකට කඩා වැටීමත් වැලැක්විය නොහැකි වෙනු ඇත. එමෙන්ම නැවත නැවත මැතිවරණ තබමින් ස්ථාවර ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනීමේ අවස්ථාවන් වුව ඇති විය හැකිය.

කෙසේ වුවත් අවසානයේ ජනතාවට සිදුවෙනු ඇත්තේ මේ විපක්ෂයේ දේශපාලන සූදුව සමඟ සෙල්ලම් කිරීමටය.

Last modified on Tuesday, 22 November 2022 09:36

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us