ආර්ථිකය හදනකම් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ - ජනපති  

Published in පුවත්
Wednesday, 23 November 2022 12:47

වර්තමානයේ රට තුළ බරපතල ආර්ථික ප්‍රශ්නයක් ඇති බවත් එය විසඳන තුරු පාර්ලිමේන්තුව විසුරුවීමට තමන් කටයුතු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ අදහස් පැවසුවේ අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමිනි.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

“අපිට මෙතන තියෙන්නෙ වෙනසක් කරන්න. මම නං පාර්ලිමේන්තුව විසුවා හරින්න යන්නෙ නෑ. මේ රටේ ආර්ථිකය විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳගත්තට පස්සෙ කරන්න.

මෙතන මං එකක් කියන්නම්, දැනට රටේ බොහෝ දෙනෙක්ට ඡන්දත් එපා වෙලා, දේශපාලන පක්ෂත් එපා වෙලා. මතක තියාගමු.

අද සජබෙ රැස්වීමට ගියාමත් තියෙන්නෙ පරණ මූණු නේ. මමත් දන්න මූණු නේ. මම බොහෝ වෙලාවෙදි බලා ගන්නවා. දන්න මූණු තියෙන්නේ. අලුත් මොකක්වත් නෑ. ඔබතුමා යන එකටත් ඉන්නෙ පරණ මූණු. තරුණයො බලන්නෙ මේකෙ වෙනසක් කරනවද නැද්ද කියලා. ඒක කරැයින් පස්සෙ අපි යං. ඒතකොට ඔ්නෙ කෙනෙකුට බලය ගන්න පුළුවන්. ඒක කරල සහනයක් දීල අපි යන්න ඔ්නේ.

ඒකයි මම කියන්නෙ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. මනාප ක්‍රමය තියෙනකං දූෂණය තියෙනව මේ රටේ. කොච්චර වියදම් කරනවද ආසනයක් දිනන්න. ඒ් කාලේ මිලියන විසිපහක් වියදම් කරනවා. පනහක් කරනවා. අද රුපියල තුන්සිය අසු ගානට තියෙන්නේ. කරන්න වත් බෑ ඡන්ද. මේව අපි හිතන්න ඔ්නේ. ඉතින් මම කියන්නේ මෙතන තියෙන ක්‍රමය වෙනස් කරන්න. මම ආපහු විපක්ෂයට කියනවා ඒන්න අපි ඔක්කොම ඒකතු වෙලා මේ වැඩකටයුත්ත කරමු. මට පුළුවන් මේ ඔක්කොම ඒක්ක වැඩ කරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ”

මෙහිදී රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කළේය.

"විපක්ෂ නායක තුමා කිව්වා පාඩු ලබන ඒවා විකුණන්න. ලාභ ලබන ඒවා විකුණන්න එපා.. කුණු කොල්ලයට කියලා. මේ රටේ පුද්ගලීකරණය කරන එක පටන් ගත්තේ ඉතින් ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ. මමයි ඒක ආරම්භ කළේ.. කර්මාන්ත ඇමති හැටියට."

"අපි පළමුවෙන්ම විකුණුවේ යුනයිටඩ් මෝටස්. ලාභ ලබන ආයතනයක්. දෙවනුව සිලෝන් ඔක්සිජන්. ලෙදර් කෝපරේෂන්. ටයර් කෝපරේෂන්. ලංකා මිල්ක් ෆුඩ්. මේ ඔක්කොම ලාඵ ලබපු ඒවා. ඊළඟට වැවිලි සමාගම්."

"77 ජයවර්ධන මැතිතුමා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස 89 ඊළඟ පියවර ගත්තා. ඒ තමයි රජයේ පාලනය ඉවත් කරන්න. සමහර අංශ පුද්ගලික අංශයට භාර දෙන්න. මේක අපි උදාහරණයක් කරගත්තේ චීනයෙන්. දැනුත් බලන්නේ ඒක කරන්න. අපි බැලුවේ ලාභ ලබන ඒවා කරන්න."

"ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. අද එතුමගේ සහයෝගයට විපක්ෂ නායකතුමත් කියනවා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us