ආර්ථිකයේ ලොකු කඩුල්ලක් පැන ගැනීමට හැකි වෙයි.

Published in පුවත්
Tuesday, 06 December 2022 12:53

බාහිර ණය අර්බුදය නිසා පීඩාවිඳින ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට චීනය විසින් ආරාධනා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් ට මෙම සතියේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බව සඳහන් ය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණදී ඇති අර්බුද සහ ණය අර්බුදයට සහන ලබාදිය හැකි ආකාරය සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ට ආරාධනා කළ බව චීන විදේශ අමාත්‍යංශය පැවසීය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය නම්‍යශීලි පිළිවෙතක් ගනු ඇති බවට මීට පෙර ද මත පළ වී තිබුණු අතර එම කටයුතු ප්‍රමාදයට හේතු වී තිබුණේ චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැත්වීම මතය. මේ වන විට එම සමුළුව අවසන්ව ඇත.

මේ අතර ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් මූල්‍ය සහන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් අනුමත කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ.

ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ අර්ථිකය ස්ථායිකරණය සහ මෙරට ජනතාවගේ ජීවන මාර්ග ආරක්ෂාකර ගැනීම සඳහා අවස්ථාව ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us