යන්න කැමති රේසින් කාර් එකේ ද? සයිකලේ ද? කියලා මට කියන්න - ජනාධිපති

Published in පුවත්
Wednesday, 14 December 2022 14:07

යුද්ධයෙන් පසුව ආර්ථිකය වෙනස් නොකිරීම හේතුවෙන් අද රට බංකොළොත් තත්ත්වයට පත්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (14) කඩවත ප්‍රදේශයේ පැවති ටොයොටා ආයතනයේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි පැවසීය.

"අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම ත්‍රීවිල් එකක් වගේ. ඉතින් අපි කොහොමද ගිහින් සිංගප්පූරුවේ ධාවන තරගයට යන්නේ. අනෙක් රටවලට තියෙනවා ෆෝමියුලා වන් රේසින් කාර්. අපිට පුළුවන් ද ත්‍රීවිල් එකකින් ගිහින් කරන්න. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මම හොඳයි කියලත් කියනවා. ඒත් රේස් එකට හරි යන්නේ නෑ. අපි කොහොමද දිනන්නේ. එහෙම නම් අපිත් රේසින් කාර් එකක් හොයා ගන්න ඕනේ. හොඳ එංජිමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආර්ථිකයක්. ඒක තමා දැන් හදන්න ඉන්නේ.

ඒ එංජිම අපි හදන්නේ මේ රට විවෘත ආර්ථිකයක් කරලා. සම්පූර්ණයෙන්ම තරගකාරී අපනයනය ආර්ථිකයක් ලෝකය සමග තරග කරන්න. ඒ තරග කරන්න තමා මේ රේසින් කාර් එක හදන්නේ. මගේ විශ්වාසය තියෙනවා ඔබ සියලුදෙනාටම පුළුවන් කියලා ඒ තරගය දිනන්න. අපි ඔක්කෝම එකතුවෙලා වැඩකරනවා.

පළමුවෙන්ම මේ රටට ඩිජිටල් ආර්ථිකයක්. පරිසර හිතකාමි ආර්ථිකයක්. ඒ වගේම සමාජ සාධාරණ ආර්ථිකයක්, ඒ වගේම ඉතාම තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කරන්නයි යන්නේ. අන්තිමට ත්‍රිවිල් එක වෙනුවට බයිසිකලයක් අරන් වැඩක් නෑනේ. ඒකට තමා මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ. පරණ ක්‍රමවලට පුරුදු වුණ අය මේකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් අපිට යන්න තියෙන්නේ අලුත් පාරක. ඔබතුමන්ලා යන්න කැමති රේසින් කාර් එකේ ද? සයිකලේ ද? කියලා මට කියන්න. මට වඩා අනාගතය තියෙන්නේ ඔබ සියලුදෙනාට.

අපේ ආයෝජන මණ්ඩලයට මේක කරන්න බැරිවෙලා තිබුණා ආර්ථික වෙනස්කම් නොකරපු නිසා. ඒ වගේම අපනයනය සංවර්ධන මණ්ඩලයත් අසාර්ථක වුණා. ආර්ථික වෙනස් කරන ගමන් මේ වැඩකටයුතු කරන්න පුළුවන් ආයතන කිහිපයක් ඇති කරනවා. මම දැන් ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන අංශයත් අපනයන සංවර්ධන මණ්ඩලයත් දෙකම ඒකබද්ධ කරනවා. එයින් රටේ ආර්ථිකය පණගන්වන්න පුළුවන් ආයෝජන ගේන්න ආර්ථික සංස්ථාව බවට පත්කරන්න."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us