ක්‍රිඩා ඇමැති කළ කැත වැඩේට එරෙහිව රග්බි සභාපති උසාවි යයි.  

Published in පුවත්
Thursday, 15 December 2022 11:18

ශ්‍රි ලංකා රග්බි සංගමයේ සභාපති එම ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමැති රොෂන් රණසිංහ ගත් තීරණය බල රහිත කරන්න යැයි ඉල්ලමින් රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් ඊයෙ (14) ආභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. එහි වග උත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාණ රණසිංහ, එම අමත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ ශ්‍රි ලංකා රග්බි ආයතනය නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය 8 වෙනිදා නිකුත් කළ නියෝගය අනුව ශ්‍රි ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීම සිදු කර ඇති බවත් නමුත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයන් නොමැති බවය. ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ඉක්මවා ගොස් කටයුතු කිරීමක් බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

මෙ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ගත් නීතියට පටහැනි නියෝගය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත්කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් වන තුරු ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී. මීට අමතරව ඇමැතිවරයා ,අමාත්‍යංශ ලේකම්වරයා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා යන පාර්ශ්ව වලට රග්බි ආයතනයෙ කටයුතු වලට මැදිහත් වීම වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී.

අධිරණය හමුවේ මෙම ගැටලුව දැන් පවතින නිසා අප මේ ගැන වැඩි මනත් තොරතුරු සඳහන් නොකරමු. කෙසේ නමූත් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිල බලය අහිමිවීම මත රග්බි ආයතනයේ වත්මන් යහපැවැත්මට හා රග්බි ක්‍රිඩාවේ දියුණුවට එහෙහිව අකටයුතු කරන දේශපාලන පුත්‍රයන්ගේ සහ ඔවුන්ගේ සගයන් වන හිටපු සභාපතිවරුන් දෙදෙනා ඇතුළු තවත් කිහිප දෙනෙකු කටයුතු කරන බව ප්‍රසිද්ධ කරුණකි. මෙය ත්‍රාඩ මා‌ෆියාකි. පසුගියදා ආරම්භ වූ අන්තර් සමාජීය රග්බි ලීග් තරගාවලිය කඩාකප්පල් කිරීම සඳහා එම කණ්ඩායම විශාල උත්සාහයක්ද ගනිමින්ද තිබිණි. කෙසේ නමුත් වත්මන් සභාපතිවරයා සහ එම නිලධාරීන් ඒ වැලක්වීමට සමත් තිබූ අතර අවසානයේ රග්බි සභාපතිවරයාව එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ඇමැතිවරයාව රූකඩයක් කර ගන්නා තරමට මෙම රග්බි මා‍ෆියාව බලවත්ව තිබෙන බව පැහැදිලිය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us