මහ බැංකුවට ස්වාධීන බලයක් ලැබෙන ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සූදානම්.  

Published in පුවත්
Tuesday, 20 December 2022 11:29

මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය කාලයක සිට පැවැතුන වුවමණාවක් වන නමුත් පවතින මහ බැංකු පනතින් ඒ සඳහා මහ බැංකුවට බලයක් ලැබී තිබුණේ සීමා සහිතවය.

මේ නිසා රාජ්‍යා පාලකයන්ගේ වුවමණා එපාකම් අනුව රටේ මුල්‍ය පාලනය කිරීමට සිදුව තිබිණි. රට අද මුහුණ දී තිබෙන මුල්‍ය අර්බුදයයන්ට තවත් එක් ප්‍රධාන හේතුවක් වූයේ මේ තත්වයය. පසුගිය ගෝඨා පාලන සමයේදී මහ බැංකු අධිපතිවරයා සහ ජේෂ්ඨ නිලධාරීන් කැඳවා ඔවුන්ට තර්ජනාත්මකව නියෝග ලබා දීම මීට ආසන්න උදාහරණයකි. ඒ අනුව කටයුතු කරන්න ගොස් සිදුව තිබෙන විපත අද සමස්ත ජනතාවම විඳිමින් තිබේ. එසේම පාලකයාට හිතෛශී පුද්ගලයන් මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම මත එම අධිපතිවරුන් ද දේශපාලන අවශ්‍යතා අනුව කටයුතු කිරීමේ පෙළඹවීම්ද දකින්නට ලැබිණි. එම තත්වයන් වෙනස් කිරීම සඳහා වත්මන් ජනාධිපතිවරයා කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයකි.

එමෙන්ම වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව, ඵලදායිව ඉටුකිරීමට හැකි වන පරිදි මුල් පනත් කෙටුම්පතට නව සංශෝධන ඇතුළත් කරමින් වැඩි දියුණු කළ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නව පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2019-10-29 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සඳහා අනුමැතිය ලබාදී ඇති අතර, 2019-11-01 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත.

එහෙත් එම පනත් කෙටුම්පතට අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වුවත් එය තවමත් න්‍යාය පුස්ථකයට ඇතුළත් කර නොමැත. ඒ පිළිබඳ අදහස් හා කරුණු දැක්වීමට ඇත්නම් ඊළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ බව ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

ඒ අනුව නව ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතක් ඉදිරි වර්ෂයේ දී සම්මත වෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us