විදුලි වෘත්තීය සමිති වල කළු මාර්තුව හබක් !

Published in පුවත්
Wednesday, 28 December 2022 10:35

ගල් අඟුරු හිඟයක් නිසා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් මාර්තු මාසයේ පැය 15 ක පමණ විදුලි බල කප්පාදුවක් අනිවාර්යයයෙන්ම පැමිණනෙ බව සහතික කර කියා පෑවද රජය මේ වන විටත් පෙබරවාරී මස සිට ගල් අඟුරු හිඟයකින් තොරව ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මේ අනුව කළු මාර්තුවක් එන බව කියමින් අනවශ්‍ය භීතියක් සමාජය තුළට කාන්දු කරමින් ‌රජයට එරෙහි දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ගත් පියවර අවසන් වී ඇත.

මේ අනුව නව ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුව ගල් අඟුරු ලබා ගැනීම සඳහා Arista Mitra නැමති ඉන්දුනීසියානු සමාගම තෝරා ගෙන ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.

ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ ගල් අඟුරු ඇණවුම ලබා දී ඇත්තේ අවම ලංසුකරුට බවයි.

“ගල් අඟුරු සමාගම විසින් මෙවර අලුත් ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය අනුව අපි තෝරාගෙන සිටිනවා මෙම අවස්ථාවේ දී ඉන්දුනීසියන් කම්පැනි එකක්. ඒකේ නම Arista Mitra. තවත් ඒගොල්ලන්ගේ Consultant සමාගමක් තියනවා Concept Global කියලා. ඒ් සමාගමත් සමඟම තමයි මෙම ඇනවුමට සහභාගී වුනේ. ඒ සම්බන්ධයෙන් අපි මම හිතන්නේ Special procurement committee එකක් තියනවා. ඒ committee එක අපේ Technical committees හරහා ගිහිල්ලා කැබිනට් අනුමැතියත් අරගෙන අවසාන වශයෙන් අඩුම most responsive හා අඩුම ලංසුකරු වෙත තමයි මේ ඇණවුම ලබා දීලා තියෙන්නේ වන විට.“

“shipments 12ක් තියනවා දීලා මේ අවස්ථාවේ දී මෙට්‍රික්ටොන් 720,000ක්. ඒ කියන්නේ එක shipment එකකට 60,000 ගානේ shipment 12කට 720,000 ක්.“

“අපිට මේ ඇණවුම Credit period එකක් එක්ක ලැබෙන්නේ. ඒ නිසා අපි පෙබරවාරී මාසේ පලවෙනි සුමානේ සිට පලවෙනි නැව ගේන්න සැලසුම් සකසා තිබෙනවා. ඒ නිසා තමයි ජනවාරී මාසයේ අපි අර අත්පිට මුදලට ගන්න නැව් ටික මේ වෙලේ අපි lineup කරලා තියෙන්නේ ජනවාරී මාසයේ දිගටම එන්න. පෙබරවාරී මාසයේ ඉදලා තමයි මේ අලුත් ඇණවුම හරහා අපි නැව් පුත්තලම වරාය වෙත ගෙන ඒමට සැලසුම් කරලා තියෙන්නේ.“

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us