පොහොට්ටුව ශ්‍රීලනිපය සජබය එජාපයෙන් නාමයෝජනා ඉල්ලයි.

Published in පුවත්
Monday, 02 January 2023 15:37

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපක් වීම සඳහා පොහොට්ටුව ශ්‍රීලනිපය සජබය ඇතුළු පක්ෂ ගනනාවක පිරිස් එජාපයෙන් නාමයෝජනා ලබා ගැනීමට පුළුවන්දැයි විමසා තිබෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳහා අයදුම්පත්‍ර බාර ගැනීමෙි සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී හෙට සිදු කෙරෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හයක් ඉදිරියේ මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එජාප මහලේකම්වරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීමක් සිදු වෙනවා දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රංගේ බණ්ඩාර මහතා කීවේ දැනට එවැනි කිසිදු තීන්දුවක් ගෙන නැති නමුත් වෙනත් පක්ෂවල පිරිස් නාමයෝජනා ඉල්ලුම් කර තිබෙන බවය.

කෙසේ නමුත් මීට මාස 05 කට පෙර රට පත්ව තිබූ අසීරුතාවයන් බොහොමයකින් රට මුදවා ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ සමත්වීම මත ඔහු කෙරෙහි විශ්වාසයක් පුරවැසියන් තුළ ගොඩනැඟීම මේ තත්වයට හේතු වී ඇත. එමෙන්ම මේ වසර තුළදී රට යළි සංවර්ධනයේ මාවතට ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන තිබෙන වැඩපිළිවෙල හැර වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් විකල්ප වැඩපිළිවෙලක් මෙතෙක් ඉදිරිපත් කරද නොමැත. මේ අනුව රටට අනාගතයක් ඇත්තේ එම වැඩපිළිවෙළ මත පමණක් බව පැහැදිලිය. මේ තත්වයන් මත ඊට සහයෝගය දක්වනවා විනා වෙනත් මඟක් රට හමුවේ නැති බව මේ වන විට පෙන්නුම් කර තිබෙන ඇත්ත තත්වය වන බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us