පුංචි ඡන්දයට එරෙහිව විශ්‍රාමික හමුදා ප්‍රධානියකුගෙන් පෙත්සමක්  

Published in පුවත්
Wednesday, 04 January 2023 08:58

2023 මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම කර්නල් (විශ්‍රාමික) ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පෙරේදා (ජන. 2) ගොනු කරන ලදී.

මැතිවරණ කොමිෂන් සභාවෙන් ලැබුණු තොරතුරු මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10කට අධික මුදලක් වැය වන බව ත්, රාජ්‍ය ආදායම සහ ණය ගැනීමේ හැකියාව අනුව එම මුදල් නිදහස් කරන බව ත්, මැතිවරණයක් පැවැත්වීම තුළින් ආර්ථික අර්බුදය ව්‍යසනකාරී විය හැකි බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.

ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය ලබාගැනීමේ නොහැකියාව හේතුවෙන් එවැනි කටයුත්තක් සඳහා මුදල් මුද්‍රණය කළහොත් එමගින් තවදුරටත් උද්ධමනය ඉහළ යන අතර ආර්ථික කඩාවැටීමක් සිදුවිය හැකි බව ද පෙත්සමෙහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් සිවුදෙනා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් ලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සම ගොනු කිරීමට කටයුතු කර තිබේ.

ඊට අදාළ සියලු ලේඛන ද පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

වත්මන් රටේ පවතින ආදායම් තත්ත්වයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලංකාවට මේ මොහොතේදී ලබාදී ඇති ශ්‍රේණිගත කිරීම් පිළිබඳවත්, පසුගිය වසර තුනක රජයේ ආදායම් සහ වියදම් පිළිබඳවත් කරුණු දක්වා ඇති පෙත්සම්කරු පවසන්නේ දීපව්‍යාප්ත ඡන්ද ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු කරමින් ඇති මොහොතක, ඡන්ද ව්‍යාපාරයන්හි නිරත පුද්ගලයන්ගේ සහ දේශපාලන පක්‍ෂවල මූල්‍ය පාලනය සඳහා නීති සම්පාදනය කෙරෙන මොහොතක, තරුණ සහ කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳව ප්‍රතිශත වශයෙන් තීන්දු කෙරෙන මොහොතක, අපේක්‍ෂක විනිවිදභාවය පිළිබඳව නීති සකස් කෙරෙමින් මේ කාරණා පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ක්‍රියාත්මක වෙද්දී පළාත් පාලන දේශපාලන සභිකයන් 8,711ක් රටට ආර්ථිකවත්, සමාජයීයවත් බර වැඩි මොහොතක, එය 1/3කට සීමා කළ යුතු යැයි සාකච්ඡා කෙරෙන මොහොතක, හදිසි මැතිවරණයකින් රටකට, රටේ මහ ජනතාවට අත්වන සුගතිය කවරේ ද? යන්න පෙත්සම්කරු ප්‍රශ්න කර සිටී.

පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මැතිවරණ කොමිසමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් පිරිසක් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා, එම්.ඒ. සුමන්තිරන්, රංජිත් මද්දුමබණ්ඩාර සහ ජී.එල්. පීරිස් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us