අනාරක්ෂිත නිවාස සංකීර්ණ ප්‍රතිසංවර්ධනයට පියවර !

Published in පුවත්
Wednesday, 04 October 2023 14:15

මේ වන විට අනාරක්ෂිත යැයි හඳුනාගත් නිවාස සංකීර්ණ 08 ක් කඩිනමින් ප්‍රතිසංවර්ධනය කිරීමට තීරණය කෙරේ. රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස එම නිවාස සංකීර්ණ ප්‍රතිසංවර්ධනය කරන බවයි කළමණාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න මහතා පැවසුවේ.

ලෝක ජනාවාස සතියේ මහල් නිවාස සංකීර්ණ නිවාසලාභීන් දැනුවත් කීරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩමුළු මාලාවේ බොරුල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයේ දී පැවති සමාරම්භක වැඩමුළුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

වසර 20 ක් පැරණි බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණය කොළඹ නගරයේ ඉදිකෙරුණු පළමු මහල් නිවාස සංකීර්ණය වේ.

2003 අංක 24 දරණ සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරි පණතේ 10 වැනි වගන්තියෙන් නිවාස අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අනාරක්ෂිත බව තහවුරු වන නිවාස සංකීර්ණ අත්පත් කර ගැනීමට හැකියාව ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා විකල්ප ස්ථාන ලබාදී මෙතෙක් ඉවත් වී නොමැති පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අවධාරණය කළේය.

සහාධිපත්‍ය කළමණාකරණ පණත සම්මත වී ඇත්තේ මීට වසර 50 කට පෙරයි. එම පණත යාවත්කාලීන කිරීම සඳහා ද මේ වන විට කටයුතු කරමින් සිටින බව සභාපතිවරයා කියා සිටියේ ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us