ළමුන් අතර වෛරස් උණ රෝග තත්ත්වයක් පැතිරීමේ අවදානමක් !

Published in පුවත්
Thursday, 05 October 2023 11:51

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත්,පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි .

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඔහු පවසන්නේ හතිය රෝගී තත්ත්වය මේ වන විට ළමුන් අතර බහුලව දක්නට ලැබෙන බවය. ඊට අමතරව වෛරස් උණ රෝග තත්ත්වයක් ද ළමුන් අතර පැතිර යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.

"පවතින වර්ෂාපතනය සමඟම සමහර ප්‍රදේශවලට සීතල තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. සමහර ප්‍රදේශවලට වැසි තත්ත්වය සමඟ ජලගැලීම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. විශේෂයෙන්ම ළමා හතිය වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව සීතල තත්ත්වය සමඟ ස්වසන මාර්ගයට ඇති වෙන වෛරස්වල වැඩිවීමක් ඇති වෙලා තියෙනවා. ඊට සමගාමිව ළමා හතිය තවදුරටත් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා එවැනි දරුවෝ වැඩිපුර වාර්තා වෙනවා. ජලගැලීම් තියෙන ප්‍රදේශවල දරුවන්ට පිරිසිදු ජලය සහ ආහාර ලැබුණේ නැත්නම් පාචනය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඊට අමතරව හතිය තියෙන දරුවන් ඒ ප්‍රතිකාර හරියට ලබාගන්න. ළමා හතිය වැඩිවෙන්න පුළුවන් ගෙවල්වල දුම්බොන තාත්තලා සීයලා ඉන්නවා නම්. ඊට අමතරව සමහර කෑමවලටත් ඇති වෙන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර ගන්න. එවිට රෝහල්ගත වීම අවම කරගන්න පුළුවන්."

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us