ලිට්‍රෝ 343න් ලාෆ් 150න් මිළ ඉහළට !

Published in පුවත්
Thursday, 05 October 2023 12:36

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343කින් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

මේ මාසයට අදාළ මිල සංශෝධනයට අනුව ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මේ මිල වැඩි වීම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 137කින් ද කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 63කින් ද ඉහළ දැමූ බවත් නව මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

එම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3470ක් දක්වා ද කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1393ක් දක්වා ද කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 650ක් දක්වා ද වැඩි වූ බවත් මුදිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,127ක් ද කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1,256ක් ද කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 587ක් ලෙසද පැවතුණි.

එසේම ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිල්නඩරය රුපියල් 150කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 3985ක් වේ. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලන්ඩරය රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර නව මිල රු.1595ක් වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us