කාන්තාවන්ට තම සිරුර ප්‍රදර්ශනය කරන්න පුර්ණ අයිතියක් තියෙනවා

Published in අනං මනං
Monday, 30 June 2014 05:30

සමාජ ක්‍රියාකාරිනියක් වන Scout Willis පසුගියදා නිව්යෝර්ක් නගරයේ උඩු කය නිරුවතින් ගමන් කර එම ඡායාරුප තම ට්වීටර් ගිණුම ඔස්සේ ප්‍රචාරය කරනු ලැබුවා. ඇයගේ අදහස වන්නේ නිව්යෝක් කාන්තාවන්ට තම සිරුර ප්‍රදර්ශනය කරන ආකාරය ගැන සම්පුර්ණ අයිතියක් පවතින බවයි.

Scout Willis තවදුරටත් පවසන්නේ "එය තමන්ගේ කැමැත්ත මත තීරණය විය යුතු දෙයක්. ඒකට සමාජය ප්‍රතිචාර දක්වන විදිය හෝ සමාජ විසින් ඇය විනිශ්චය ලක් කරන විදිය අදාළ විය යුතු නෑ. ඒවගේම කිසිම කාන්තාවක් තමන්ගේ ශරීරය පිළිබඳ ලජ්ජා විය යුතු නෑ." කියලයි.

ඇගේ අදහස් කියවගෙන යද්දි අලුත් විදිහේ නාන ඇඳුමක් අපට හමුවුණා. Robyn Graves and Michelle Lytle නම් ඇඳුම් නිර්මාණ ශිල්පීන් දෙපළ තමයි මෙම නාන ඇඳුම් විලාසිතාවක් ලෝකයට හදුන්වල දීල තියන්නේ. එක නම් කරලා තියෙන්නේ TaTa Top කියන නමින්.

මෙම නාන ඇඳුමේ තියන විශේෂත්වය තමයි තනපුඩු පිටතින් පින්තාරු කර තිබීම. එය හැඳ සිටිනවිට දිස්වන්නේ උඩු කය නිරුවතින් සිටින ආකාරයකුයි. මේ ඇඳුම තමන්ගේ සමේ වර්ණයට ගැළපෙන ආකාරයට විවිධ පැහැයන්ගෙන් තෝරා ගැනීමට හැකියි .

ඒවගේම මේ ඇඳුම් විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් පියයුරු පිළිකා පිළිබඳ පරික්ෂණ සඳහා වෙන් කෙරෙනවා. මෙහි අරමුණ වෙන්නේ තනපුඩුව වෙත පවතින අනවශ්‍ය ලිංගික ආකර්ෂණය ඉවත් කිරීමයි. මෙවැනි ඇඳුමක් නිර්මාණය වෙලා තියෙන්නේ the Free The Nipple movement කියන කාන්තා අයිතීන් පිළිබඳ ව්‍යාපාරයේ ප්‍රචාරණ අරමුණක් විදියට.

(mirrorgirl)

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us