ඉන්දියානු සාගර වටද්දර සංගමය තීරණාත්මක තැනකට

Published in පුවත්
Friday, 06 October 2023 10:14

23වන ඉන්දියානු සාගර  වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය මෙරටදී පැවැත්වීමට නියමිතව තිබේ. ඔක්තෝබර් 11 වනදා මෙම සංවාදය පැවැත්වීමට නියමිත අතර ඊට සහභාගී වීම සඳහා විදෙස් නියෝජිතයින් එළඹෙන සතියේදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

බංගලාදේශය, ඉන්දියාව, ඉරානය, මොරිෂස්, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යවරුන් 16 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාව, කොමරෝස්, ප්‍රංශය, ඉන්දුනීසියාව, කෙන්යාව යන රටවල නියෝජිතයින් ද මෙම සංවාදය සඳහා සහභාගී වීමට නියමිතය.

එහිදි ඉන්දියානු සාගර  වටද්දර සංගමයේ වත්මන් සභාපති ධුරයේ කටයුතු කරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍යවරයා වෙත සභාපති ධුරය පිරිනැමීමට නියමිතව තිබේ. ඒ අනුව මේ වසරේ සිට 2025 දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වටද්දර සංගමයේ සභාපතීත්වය දරනු ඇත.

මේ වන විට ලෝකය මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ දේශපාලනික අර්බුද හේතුවෙන් ශ්‍රි ලංකාව වැනි රාජයන්ට මුහුන දීමට සිදුවන් පීඩාවන් වර්ධනය වෙමින් තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය කාලය මුලුල්ලේ දිගින් දිගටම කළ ඉල්ලීම වූයේ මේ අනතුර වලක්වා ගැනීම වෙනුවෙන් ගෝලීය බලවතුන්ට මැදිහත් වන් ලෙසය. එම පාර්ශ්ව අතර සංවාදයකින් විසඳුම් සොයාගැනීම විය යුතු බව ඔහු පෙන්වා දී තිබිණි.

මේ අර්බුද හමුවේ ඉන්දීය සාගරයට වටවූ රජයන්ගේ පැවැත්ම වෙනුවෙන් එළැඹෙන ඉන්දීය සාගර වටද්දර සමුළුවේදී මේ සම්බන්ධයෙන් මෙම කලාපීය නායකයන්ගේ දැඩි අවධානයට පාත්‍ර වෙනු ඇත. ඉන්දීය සාගර කලාපය ලෝක බලගැටුම් වලින් නිදහස් වුණ සාමකාමි කලාපයක් බවට පත් කිරීමත් ඒ ඒ රාජ්‍යන් අතර වන හවුල්කාරිත්වය මතින් නැගී සිටීමෙ අවශ්‍යතාවය වෙනුවෙනුත් මෙහිදී පියවරයන් ගනු
ඇතැයි පැවසේ. මේ අනුව මෙවර සමුළුව වඩාත් තීරණාත්මක වෙනු ඇතැයි පැවසේ.

ඒ අනුව වෙළෙඳ හා ආයෝජන, සමුද්‍රීය ආරක්‍ෂාව සහ ආරක්‍ෂාව, ධීවර කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය සහ ආර්ථිකය ඇතුළු සංගමය විසින් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයක් සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව මෙවර සංවාදයේදී සාකච්ඡා කිරීමට නියමිතය.

විදෙස් රටවල අමාත්‍යවරුන් සහ නියෝජිතයින් මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Last modified on Friday, 06 October 2023 10:15

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us