කොළඹට අයි.එස්. ප්‍රහාර සැලසුමක් !

Published in පුවත්
Friday, 06 October 2023 10:43

පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ වෙත ඊයේ (05) කරුණු වාර්තා කළේය.

දැනට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම සැලසුම සැලසුම් කර ඇති බව ද කරුණු අනාවරණය වේ.

පල්ලෙකැලේ බන්ධනාගාරයේ රැඳවූවකු අදාළ ත්‍රස්තයන්ගේ සැලසුම සම්බන්ධයෙන් කරුණු දැනගෙන ඒ සම්බන්ධයෙන් සටහන් යොදා ගත් ලිපියක් තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසි කර ඇති බවට ද කරුණු අනාවරණය වේ.

බන්ධනාගාරගතව සිටින මෙම ත්‍රස්තයන් ජංගම දුරකතන හරහා කොළඹ නගරයේ ස්ථාන කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ සංවාදයට මෙම රැඳවියා සවන් දී ඇති අතර, පසුව එම ත්‍රස්තයන් විසින් මෙම රැඳවියාට ද පහරදී ඇත. තමා දැනගත් සියලු තොරතුරු සමඟ නම් හා දුරකතන අංකය ද සඳහන් කළ ලිපියක් ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් පල්ලෙකැලේ සිට මහරට ගෙන යන අවස්ථාවේදී තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසිකොට ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us