වර්ෂාව ගැන තවදුරටත් රතු එළි !

Published in පුවත්
Friday, 06 October 2023 15:16

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවය.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් දහතුන්දහස් හයසිය විසිහතකට අයත් පුද්ගලයන් පනස් පන්දහස් හත්සිය අසූ දෙනෙකු ආපදාවන්ට ලක්ව සිටිනවා. අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික් කිහිපයක බලපෑමට ලක්ව සිටින පුද්ගලයන් පනස් පන් දහසකට අධික පිරිස සදහා සහන සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. බස්නාහිර හා දකුණ යන පළාත් හරහා ගලා බසින ගංගා සියල්ලම පාහේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. වර්ෂාව පවතින ප්‍රදේශවල පස් අධික තෙතමනයකින් යුක්ත බැවින් සැළකිලිමත් වන ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

පවතින කාලගුණ ත්ත්වය හමුවේ කදුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙනවා

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us