පලස්තීන - ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් !

Published in පුවත්
Tuesday, 10 October 2023 10:48

ඊශ්‍රායලයට එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරවලින් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි.

කඩිනම් උපදේශන සඳහා පසුගිය 8වැනිදා පැවති මෙම රැස්වීම පිළිබඳ කිසිදු ලේඛනයක් මෙතෙක් නිකුත් කර නොමැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත චං ජුන් මහතා මෙහිදී අදාළ පාර්ශ්ව වෙතින් ඉල්ලා සිටියේ, තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස යි.

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් පිළිබඳව චීනය දැඩි කනස්සල්ල පළ කරන බවත්, සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය යාම සම්බන්ධයෙන් අතිශය කනගාටු වන බවත් හෙතෙම පැවසීය. සටන් විරාමයකට එළඹීම සඳහා උපරිම සංයමයකින් ක්‍රියා කරන ලෙස ද චීන නියෝජිතයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. එසේම, මෙම හදිසි අවශ්‍යතාව කෙරෙහි සංවේදී ව රාජ්‍ය දෙකේ විසඳුම් වෙනුවෙන් පෙනී සිටින්නැයි ද ඔහු ජගත් ප්‍රජාවෙන් ඉල්ලා ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us