මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනය එකඟතාවයකට එයි.   Featured

Published in පුවත්
Tuesday, 10 October 2023 19:36

ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇති ණය දෙන්නා වන චීනයේ එක්සිම් බැංකුව මෙරට සමඟ මූලික ගිවිසුමකට එළඹ ඇති බව Bloomberg Newswires වාර්තාවක් පෙන්වා දෙයි.


මේ අනුව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන් ඉහළ නැංවීමක් සිදුව ඇති බවද එම පුවත් සේවය පවසයි..

මේම ණය ගිවිසුමට පසුගිය සැප්තැම්බර් අවසානයේ දී එළඹ ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඔක්තෝබර් 10 වැනිදා බීජිංහිදී ප්‍රකාශ කළ බව ද වාර්තා කරයි. එමෙන්ම පැරිස් ක්ලබ් නමින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන් සමඟ ද චීනය සාකච්ඡාකර ඒතඟතාවයකට පිවිසෙන බවද එම ප්‍රකාශකයා පවසා ඇත..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 330 ක දෙවන වාරිකය ලබාගැනීමට සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් අයවැය ආධාරක ණය සඳහා අඛණ්ඩව සුදුසුකම් ලැබීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකි ප්‍රගතියක් ශ්‍රී ලංකාව අත්කර ගත යුතුව තිබිණි.

ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ “මූලික” ගිවිසුම ප්‍රමාණවත් ප්‍රගතියක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකිද යන්න පැහැදිලි නැතත් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා පිළිබඳ තතු දන්නා මූලාශ්‍ර පැවසුවේ ප්‍රමාද වී හෝ චීනයේ ස්ථාවරයේ 'මෘදු වීමක්' පෙනෙන්නට ඇති බවයි.

චීනයට ගෙවිය යුතු ඩොලර් මිලියන 6,850 න් ඩොලර් මිලියන 3,992 ක් එක්සිම් බැංකුව විසින් මෙරටට ණයට ලබා දී ඇත.

චීන සංවර්ධන බැංකුව ද්විපාර්ශ්වික ලෙස වර්ගීකරණය කරන ලද තවත් ඩොලර් මිලියන 535.2 ක් ද CDB වාණිජ ණයක් ලෙස වර්ගීකරණය කරන ලද තවත් මිලියන 2,185 ක වාරික ණයක් ද ලබා දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා සහ භූ දේශපාලනික වශයෙන් වැදගත් කරුණා පිළිබඳ සාකච්ඡාවක් සඳහා ළඟදීම චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us