වසර 10ට වැඩි වනජීවීයේ සේවකයන් ස්ථිර කළ යුතුයි ! සජිත් කියයි !

Published in පුවත්
Wednesday, 11 October 2023 19:25

වසර 10කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡා සේවකයන් ලෙස කටයුතු කරන පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බැවින් ඔවුන් ස්ථිර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ වන අලි ගැටලුව වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා අවස්ථාවට ඊයේ (10) එක් වෙමිනි.

මේ සඳහා අවශ්‍ය මුදල් සෙවීමට වන ජීවී දෙපාර්තමේන්තුව වන සම්පත මූලික කර ගත් ව්‍යවසායකයකු විය යුතු බවත් දෙපාර්තමේන්තුවට අයත් කඳවුරු භූමි සංචාරකයන්ට විවෘත කර ඒ තුළින් ආදායම් උත්පාදනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා ඇත.

මෑත කාලයේ සිට පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති උනන්දුව වැඩි වීම සුබවාදී බවත් මේ නිසාම තොරතුරු දත්ත සම්බන්ධයෙන් සොයන කණ්ඩායම් පවා වැඩි වීම සුබවාදී කරුණක් බවත්, මෙම උනන්දුවට සාපේක්ෂව විෂය තුළ භෞතික හා මානව සම්පත් වර්ධනය වී ඇත්ද යන්න බරපතළ ගැටලුවක් බවත් එම නිසා වන ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වන ජීවී දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් වර්ධනය විය යුතු බවත් එහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us