ඇස් රතුවීමේ බෝවන රෝගයක් !

Published in පුවත්
Thursday, 12 October 2023 09:25

මේ දිනයන්හි දරුවන් අතර පැතිරෙන ඇස් රතු වීමේ වයිරසය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හදන වයිරසය නිසා බෝ වන්නක් විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

අපිරිසුදු දෑතින් දෑස් ඇල්ලීමෙන් වැළකී සිටීමෙන් වයිරසය පැතිරීම වළක්වාගත හැකි බවත් කාලයෙන් කාලයට ඇස් රෝග පැතිරෙන බවත් වයිරස් උණ සමඟ පැතිරෙන ඇස් රෝග පවතින බවත් ඔහු කියා සිටියා .

මෙහි රෝග ලක්ෂණ ලෙස ඇස් රතු වීම, කබ ගැලීම, ඇසේ වේදනාව හැදින්විය හැකි බවත් මෙය වයිරසයක් නිසා ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන අතර දින පහකට වඩා මේ රෝගය පැවතුණහොත් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඉතා පහසුවෙන් මේ වයිරසය බෝ විය හැකි අතර අත් දෙක සබන් දමා සේදිම මගින්ද අපිරිසුදු දෑතින් ඇස් ඇල්ලීම සිදු නොකිරීම මගින්ද මෙම රෝගයෙන් ආ ආරක්ෂා විය හැකි බව වෛද්‍ දීපාල් පෙරේරා පවසනවා.

දරුවකුට ඇස් රෝගය පවතින්නේ නම් එය සුවපත් වන තෙක් නිවෙසෙහි තබාගත යුතු අතර පාසල් නොයවා සිටීමට මවුපියන් සැලකිලිමත් විය යුතු බව ද ඒ ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us