කාසල් රෝහලේ පිරිමි සය නිවුන් දරු උපතක් !

Published in පුවත්
Tuesday, 17 October 2023 12:57

කොළඹ කාසල් වීදිය මාතෘ රෝහලේ දී සය නිවුන් දරු උපතක් වාර්තා වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන සදහන් කර ඇත.

අද (17) උදෑසන මවකට මෙලෙස සය නිවුන් දරු උපතක් සිදුව ඇති බවත් ඇය රාගම ප්‍රදේශයේ පදිංචි මවක් වන අතර මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකර ඇත.

බිලිඳුන් සයදෙනාම මේ මොහොතේ යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවත් ඔවුන් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය බී.සී. සමන් කුමාර මහතා සඳහන් කළේය. එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබයි.

වෛද්‍ය සමන් කුමාර කියා සිටියේ සති 26 දී නොමේරූ ළදරුවන් ලෙස උපත ලැබූ මෙම දරුවන් උපතේදී බර ග්‍රෑම් 400-700 අතර වූ බවයි. එවැනි නොමේරූ ළදරුවන් ජීවත් කරවීම දැවැන්ත අභියෝගයක් බවද වෛද්‍යවරයා පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us