විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න තේමා කරගනිමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවසන් එකඟතාවකට එළඹි බව එහි සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කළහ.
පෙරේදා (19දා) කෝට්ටේ ශ්‍රී නාග විහාරයට රැස්වූ ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹි බව උන්වහන්සේ පැවසූහ.
ඒ අනුව මේ මස 26 වැනිදින මහනුවර නගරයෙන් ආරම්භ වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකින් පසුව දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන අයුරින් සම්මන්ත්‍රණ පැවැත්වීමටත්, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, කලාකරුවන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, ධීවර, ගොවි, ශිෂ්‍ය සංවිධාන, තරුණ සංවිධාන ඇතුළු සියලුම සංවිධාන සමග කඩිනමින් සාකච්ඡා කිරීමටත් තීරණය කළ බව සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
බෙදී, වෙන් වී, වෙන වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණයක් ලැබීම අසීරු බැවින් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමග පොදු එකඟතාවකට එළඹීමේ අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡා කළ බවද උන්වහන්සේ කීහ.
පොදු අපේක්ෂකයෙකු සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අවසන් එකඟතාවකට පැමිණෙයි
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

