IMF සමග ඉක්මන් එකඟතාවකට සුදානම් !

Published in පුවත්
Thursday, 19 October 2023 08:45

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ඉක්මනින් එළැඹිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වල දී මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ තිරසරභාවය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි.

එම කටයුතු වේගවත් කිරීමට අවශ්‍ය සහයෝගීතාව වැඩි කරගැනීම සඳහා එම සාකච්ඡාවල දී ප්‍රමුඛත්වය ලැබුණු බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ අතර, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙළ ද මේ වන විට බොහෝ දුරට අවසන් අදියරට පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවක දී ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, චීනය ඉන්දියාව පැරිස් සමාජය සහ විදේශීය බැදුම්කර හිමියන් වෙත ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කොන්දේසි එකඟ කරගැනීමට අවශ්‍ය අවසන් සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි.

චීන එක්සිම් බැංකුව සමඟ තාවකාලික කොන්දේසිවලට එකඟ වීමෙන් පසු මේ වන විට අවධානය යොමු ව ඇත්තේ, සියයට 20ක කප්පාදුවක් සහ නව යෝජනා ඉදිරිපත් කළ අනෙකුත් නිල ණය හිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us