ලංකාවේ පළමු අයිස් බකට් අභියෝගය ඉරාජ් බාර ගනී

Published in පුවත්
Thursday, 21 August 2014 10:23

චාලක න්‍යුරෝන ආබාධ ස්නායු රෝගීන් සදහා වන අරමුදලට මුදල් එක්රැස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන Ice bucket challenge වැඩසටහන මේ දිනවල අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මෙම අභියෝගයෙහි නීති පද්ධතියට අනුව මුලින්ම අභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත් පුද්ගලයෙකු නම් කළ යුතුවෙයි. එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කර ගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 ක මුදලක් තැන්පත් කල යුතු වෙයි.

එම අභියෝගය භාර ගෙන එය ඉටුකොට තමන් විසින්ම එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පල කර පැය 24 ක් තුළ මීලග අභියෝග කරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කල යුතුය.

ෆේස්බුක් හිමිකරු, මයික්‍රොසොෆ්ට් හිමිකරු ඇතුළු ලෝකප්‍රකට චරිත රැසක් මෙම අභියෝගය බාරගෙන ඉටුකළ අතර ලංකාවේ පළමු වතාවට එය බාරගනු ලැබුවේ ඉරාජ් වීරරත්න විසිනි. 

ඉරාජ්ට එම අභියෝගය එල්ලකොට තිබුනේ ඇමෙරිකාවේ රැප් තරුවක වන Big Reeno විසිනි. ඉරාජ් විසින් එම අභියෝගය බාරගන්නා අතරතුර මීළඟ අභියෝගය එල්ලකොට ඇත්තේ Luca Dayz, ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග, තනුජා ජයවර්ධන සහ රන්ධීර් වෙතය.

ඉරාජ් ට එල්ලවූ අභියෝගය බලන්න මෙතනින් 

ඉරාජ් එම අභියෝගය බාරගත් අයුරු බලන්න පහතින්

ඉරාජ් ගෙන් පසු එම අභියෝගය සුමනා ගෝමස් වෙත යොමුකරන බිග් හර්ෂ

මයික්‍රොසොෆ්ට් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා (Satya Nadella) අයිස් වතුර ස්නානය කළ ආකාරය ෙමතනින්

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) අයිස් වතුර ස්නානය කළ ආකාරය මෙතනින්

Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද (Mark Zuckerberg) අයිස් වතුර ස්නානය කළ ආකාරය මෙතනින්

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ සහ සභාපති බිල් ගේට්ස් (Bill Gates) අයිස් වතුර ස්නානය කළ ආකාරය මෙතනින්

 

Last modified on Thursday, 21 August 2014 10:46

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us