ලබන වසරේ ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි පවත්වනවා - ජනපති   Featured

Published in පුවත්
Saturday, 21 October 2023 20:29

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාවට අනුවම ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වා 2025 මුල් භාගයේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ අද (21) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

“ස්මාර්ට් රටක් - ජය ගනිමු 2048” යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම සම්මේලනයේ දී සංශෝධනයට ලක් කෙරුණු පක්ෂ නව ව්‍යවස්ථාව ද එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එය ඒකමතිකව සම්මත විය.

එක්සත් ජාතික පක්ෂයට මාර්ගගත ක්‍රමයට අනුව සංවිධාන ඇති කිරීමට අවස්ථාව ලබා දෙමින් පක්ෂය ඩිජිටල්කරණය කිරීමට අදාළව මෙම සංශෝධනය සිදු කර තිබේ. ස්මාර්ට් රටට පෙර ස්මාර්ට් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.‍

සම්මේලනය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ස්මාර්ට් රටක් ගොඩනැගීමට සියලු ක්ෂේත්‍රවල දූෂණය පිටුදැකිය යුතු බවත්, ඒ සඳහා රාජ්‍ය ආයතන තුළ මෙන්ම දේශපාලන පක්ෂ තුළද දූෂණය මැඩලීම සඳහා අණ පනත් රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.

එසේම රටේ ආර්ථිකය ගොඩනඟන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ස්මාර්ට් පක්ෂයක් ලෙස ඉදිරියේ දී රට වෙනුවෙන් පුළුල් කාර්ය භාරයක් ඉටුකිරීමට එක්සත් ජාතික පක්ෂය පෙරට ආ යුතු බවද අවධාරණය කළේය.

ස්මාර්ට් රට ගොඩනැගීම “මගෙන් පටන් ගනිමු” යන්න සංකේතවත් කරමින් එළිදැක්වුණු ලාංඡනය මෙහිදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පැළඳවිය.

-P.M

Last modified on Sunday, 22 October 2023 08:39

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us