පොලී අනුපාත අඩු නොකළ වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන ගැන පරීක්ෂණ.

Published in පුවත්
Monday, 23 October 2023 12:02

තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ බැංකු පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව මෙම තීරණය ගත් බවයි.

පසුගිය කාලයේ බැංකු පොලී අනුපාත ඉහළ මට්ටමක තිබියදී ලබාගත් දිගුකාලීන තැන්පතු සඳහා පොලිය ගෙවීමේදී වාණිජ බැංකුවලට යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුවද දැඩි පීඩනයකට ලක්ව සිටින ජනතාව වාණිජ බැංකුවලින් බලාපොරොත්තු වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැංකු පොලී අනුපාත අනුව ක්‍රියා කරනු ඇති බවයැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මහබැංකුව මෙම බැංකු පොලී අනුපාත පහත දැමුවේ ජනතාවගේ දැඩි තත්ත්වය සලකා බලමිනි.

සියලුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු මෙන්ම මුල්‍ය ආයතන ද මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව කටයුතු කළ යුතු බව රජයේ ස්ථාවරය බැවින් වහාම එම බැංකුවල පොලී අනුපාත අඩු කිරීමට විය යුතු බවත් ඒ සම්බන්ධ‌යෙන් දැඩි හා සෘජු පරීක්ෂණයක් සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us