විදෙස්ගත ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ගැන හෙළිදරව්වක් !

Published in පුවත්
Tuesday, 24 October 2023 11:22

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර 318ක් නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක මුදලක් මෙරටට ලැබී ඇති බවයි .

එහිදී කිසියම් වංචාවක් සිදුව ඇත්තම් විමර්ශනයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන අතර පටු දේශපාලන අරමුණුවලට මෙම පියවර ආපසු හැරවිය නොහැකි බව ද අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

තීරුබදු සහන සහිත ඉලෙක්ට්‍රික් වාහන ආනයනයට දී තිබු බලපත්‍ර 119ක් අවභාවිතා කරමින් වාහන ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වුණි.

අදාළ වාහනවලින් 75%ක් එක් සමාගමක් මඟින් මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වේ.

අදාළ වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us