කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනයක් !

Published in පුවත්
Wednesday, 25 October 2023 10:35

කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර බලධාරීන්ට උපදෙස් දී ඇත.

කිරිගවයින් සොරකම් කිරීම් මේ වනවිට දිවයින පුරා ඉහළ යමින් පවතින බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී තිබේ. දැනට ක්‍රියාත්මක සත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000කි. ඒ හැර ඒ සදහා සිරදඩුවම් පැනවීමක් ගැන සඳහන් නොවේ.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අඩුම තරමින් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුළත් කර සත්ව සුබසාධන පනත සංශෝධනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

සත්ව සුබසාධන පනත නව සංශෝධන සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ඉල්ලීමක් පරිදි සත්ව සුබසාධන සංගම් නියෝජිතයින් පිරිසක් සමග පැවැති මෙම සාකච්ඡාවේ දී කිරි ගව සොරකම් ඉහළ යාම හා කිරි ගව සොරුන්ට ලබා දෙන දඩුවම් සම්බන්ධව වගන්ති සඳහා නව සංශෝධන ඇතුළත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව කිරි ගව සොරකමක දී දැනට පනවන රුපියල් 50,000ක දඩය රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ නැංවීමටත්, දැනට සිර දඩුවම් පිළිබඳ මෙම පනතේ අඩංගු නොවන බැවින් අඩු තරමින් බරපතල වැඩ සහිතව වසරක සිර දඩුවමක් පනවන ලෙස කරුණු ඇතුළත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

පසුගිය සතියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබා දුන් එළදෙන ද සොරකම් කර මරා දමා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එම ගවදෙනගෙන් දිනකට කිරි ලීටර් 26ක් බැගින් ලබා ගෙන ඇති බව ද සඳහන් කළේය.

අවස්ථා ගණනක දී ගව සොරකම් මර්දනය සඳහා පියවර ගන්නැයි පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බව කී අමාත්‍යවරයා අප රටේ වැඩිම ගව සොරකම් වාර්තා වන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වන බව ද සඳහන් කළේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධ කිරීම සම්බන්ධව මහින්ද අමරවීර මහතාට සුබපතනු ලැබීය.

 -P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us