වන සතුන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවයක්

Published in පුවත්
Wednesday, 25 October 2023 12:51

වන සතුන් සහ ඔවුන්ගේ වාසස්ථාන මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ වෝටර්ස් එජ් හෝටලයේ ඉකුත් 23 දා වන ජීවී දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ වනජීවී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.

වන ජීවි දෙපාර්ත මේන්තුව මගින් සංවිධානය කළ ජාත්‍යන්තර සම්මන්‍ත්‍රණයේ මෙවර තේමාව වූයේ "සංරක්‍ෂණය සඳහා පරිසර පද්ධති කළමනාකරණය"ය. වනජීවී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වන අපගේ වන සතුන් සහ ඔවුන්ගේ වාසස්ථාන මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය රටක් ලෙස අපට මතක් කරදෙන බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ, වනජීවී ආරක්‍ෂාව, සංරක්ෂණය සහ කළමනාකරණය යන කර්තව්‍යය භාර ගෙන ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය ආදර්ශයක් සපයා ඇති බවත්, විද්‍යාත්මක පර්යේෂණ, ජාත්‍යන්තර සහයෝගීතාවය සහ නව්‍ය විසඳුම් පෝෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ කැපවීම දැකීමට ලැබීම සතුටට කරුණක් බවත්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us