පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයන්ට පත්වීම් !

Published in පුවත්
Thursday, 26 October 2023 08:28

පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයන්ට ලබන නොවැම්බර් 15 වැනිදාට ප්‍රථම අදාළ ආයතනවලට වහාම පත්වීම් ලබා දෙන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට ඊයේ (25) උපදෙස් දුන්නේය.

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සහ පත්වීම් ලබාදීම කඩිනම් කිරීම පිළිබඳ අගමැති කාර්යාලයේ ඊයේ (25) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා මෙලෙස උපදෙස් දුන්නේය.

රජයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා ඇමැති මණ්ඩලය පත් කළ නිල කමිටුව මෙතෙක් ගනු ලැබූ පියවරයන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරනු ලැබීය.

දැනට රාජ්‍ය සේවයේ ප්‍රාථමික සේවා පුරප්පාඩු සඳහා බහුකාර්ය සංවර්ධන සහායකයන් අනුයුක්ත කර පත්වීම් ලබාදීමට උපදෙස් දී ඇතත් තවමත් ඇතැම් අමාත්‍යාංශවල එම පත්වීම් ලබාදීමට කටයුතු කර නැති බව මෙහිදී අනාවරණය විය.

මේ හේතුවෙන් 4780ක් වන බහුකාර්ය සංවර්ධන සහායකයන් ප්‍රමාණයකට තවමත් පත්වීම් දීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අගමැතිවරයාගේ දැඩි අවධානය යොමු කෙරිණි.

ඒ අනුව ලබන නොවැම්බර් 15 වැනිදාට ප්‍රථම තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයන්ට පත්වීම් දී නියමිත ස්ථානවලට අනුයුක්ත කරන ලෙස අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us