ශ්‍රී ලංකාව සහ එංගලන්තය අද තීරණාත්මක තරගයක ! Featured

Published in පුවත්
Thursday, 26 October 2023 08:48

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ අට වන ස්ථානයේ පසුවේ.

ඒ අනුව තරගාවලියේ ඉදිරියට යාම සඳහා අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇත.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ශූර එංගලන්ත කණ්ඩායම මේ වන විට දරුණු පසු බැසීමකට ලක්ව සිටියදී ශ්‍රී ලංකාවට හමුවන හෙයින් ශ්‍රී ලංකාව සිය දෙවැනි ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග බිමට පිවිසේ. එමෙන්ම එංගලන්තයද ශ්‍රී ලංකා පිලෙන් ජයග්‍රහණය උදුරාගෙන හෝ බිඳ වැටී ඇති රිද්මය යළි ගොඩනඟා ගැනීමට වෙහෙසෙනු ඇත.

කෙසේ වුවද ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේදී එංගලන්තය හා ශ්‍රී ලංකාව 2007 සිට 2019 දක්වා හමුවූ අවසන් අවස්ථා හතරේදීම එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. එදා මෙදාතුර ලෝක කුසලාන තරග අවස්ථා 11කදී ශ්‍රී ලංකාව හා එංගලන්තය හමුවී ඇති අතර, එහිදී එංගලන්තය ජයග්‍රහණ 6ක් හා ශ්‍රී ලංකාව ජයග්‍රහණ 5ක් ලබා කරට කර සිටිති.

ඊයේ පැවති මාධ්‍ය හමුවේදී එංගලන්ත ක්‍රීඩක මොයින් අලී පැවසුවේ ශ්‍රී ලංකාව සමඟ තරගයෙන් පැහැදිලි ජයග්‍රහණයක් බලාපොරොත්තු වන බවය. “ මේ ලෝක කුසලාන තරගාවලියේ රැඳී සිටීමට නම් අපට ජයග්‍රහණය අවශ්‍යයි. ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක්. පසුගිය තරගවලදී අපගේ හොඳම පිතිකරුවන් හය දෙනා ලකුණු අතරට ආවේ නෑ. නමුත් බැංගලෝර් තණතිල්ල ලකුණු ලබාගත හැකි එකක්. මා හිතනවා වෙනසක් කළ හැකියි කියා“ මොයින් අලී සඳහන් කළේය.

-P.M

 

 

 

Last modified on Thursday, 26 October 2023 15:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us