රක්ෂිත අත්පත් කර ගැනීම නවත්වන්න වන වගා ව්‍යාපෘතියක් !

Published in පුවත්
Thursday, 26 October 2023 10:20

මහවැලි ව්‍යාපාරයට අයත් මහ වැව් ඇළවේලි වාරි මාර්ගවල රක්ෂිත ඉතා ශීඝ්‍රයෙන් අත්පත් කර ගැනීම නවතා රක්ෂිත මායිම් කොට මහවැලි අධිකාරියෙන් ඒවායේ වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ.

ඒ අනුව, කණ්ඩලම ජලාශය, ඉබ්බංකටුව දඹුලු ඔය ජලාශය සහ අනෙකුත් මහවැලි ජලාශ රැසක වන වගා ව්‍යාපෘතිය පෙරේදා (24) පරිසර සංවිධාන, දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, ජනමාධ්‍යවේදී සංවිධාන ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසක් එක්ව දඹුල්ල ඉබ්බන්කටුව ජලාශ ඉස්මත්තේදී ආරම්භ කෙරිණි.

සංවිධානාත්මක කණ්ඩායම් ඉබ්බංකටුව ජලාශයේ මේ වන විටත් ජලය පිරී ඇති ඉඩම් පවා අත්පත් කර ගැනීමට වැටවල් ගසා ඇති බව බෝවතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පැවසීය.

මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජලාශවලට ඇති රක්ෂිත විනාශ වී ජලාශ ද ගොඩ වීමේ බරපතළ අවදානමක් පවතින බව හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව ප්‍රදේශවාසීන්ගේ සහයෝගය, ස්වේච්ඡා සංවිධානවල සහයෝගය ලබා ගෙන මතු පරපුරට වැව් රක්ෂිත ආරක්ෂා කර තැබීම වැව්වල ආරක්ෂාව තහවුරු කිරීම් සඳහා මෙම වන වගාව ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us