සෞඛ්‍ය අංශයේ ඉහළ තනතුරු සඳහා පත්වීම් අවලංගු කෙරේ !

Published in පුවත්
Tuesday, 31 October 2023 09:36

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්හි ඉහළ තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානයට ඊයේ (30) සැලසුම් කර තිබුණ ද, සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ විසින් එය නතර කර තිබේ.

පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේදී පළමු අදියර යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සභාපතිවරයකු පත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ සඳහා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කිරීමට තීරණය කර තිබූ බවත් ඇමැතිවරයාගේ මැදිහත් වීම යටතේ එම පත්වීම අවලංගු කර ඇති බවත් වාර්තා වේ.

මෙම පත්වීමට අදාළව සෞඛ්‍ය ලේකම් කාර්යාලයෙන් සකස් කර තිබූ පත්වීම් ලිපිය අමාත්‍ය කාර්යාලයට ලබාදී තිබුණ ද, එම පත් කිරීම කල් දැමීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බවට වාර්තා වේ.

මෙම පත්වීම් හරහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පසුගිය කාලයේ සිදු වූ දත්ත සොරකමට සම්බන්ධ නිලධාරීන් නැවත පත්වීමේ සූදානමක් ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවලට නැවත නැවතත් සායනික විශේෂඥයින් පත් කිරීම මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට පවතින අර්බුදයන් විසඳිය නොහැකි බවත් අමාත්‍යාංශයේ ක්‍රමවේදය වෙනස් නොකර තනතුරුවලට කොතරම් නිලධාරීන් අලුතින් පත් කළත් පවතින වංචා දූෂණ අක්‍රමිකතා නතර කිරීමට අපහසු බවත් අමාත්‍යාංශයේ නිලධාරීහු පවසති.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us