සිනොපෙක් මිළ සංශෝධනයට !

Published in පුවත්
Wednesday, 01 November 2023 09:23

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ ඉන්ධන මිල ගණන් සංශෝධනයට සාපේක්ෂව සිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් අඩු වී රුපියල් 356ක් ලෙස මිල වෙනස් කර ඇත.

ඊට අමතරව එම සමාගම සිය ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 423ක් දක්වා මිල ඉහළ දමා තිබේ.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 356.00ක් දක්වා ඉහළ දමා ඇති එම සමාගම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 431ක් දක්වා ඉහළ යයි.

ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළ අතර, එහි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 356ක් දක්වා රුපියල් 09කින් අඩු කරනු ලැබීය.

එසේ ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දැමූ ඛනිජතෙල් සංථාව එහි වත්මන් මිල ලෙස දැක්වූයේ රුපියල් 423කි.

තවද රුපියල් 356ක් දක්වා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට කටයුතු කළ ලංකා ඛනිජතෙල් සංස්ථාව සිය සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කළේ, එහි වත්මන් මිල රුපියල් 431ක් ලෙස වැඩි කරමිනි.

තව ද ලංකා ඛනිජතෙල් සංස්ථාව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 249කි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us