මහල් නිවාසවල වල මුල් අයිතිකරුවන්ට සුබ පණිවුඩයක් !

Published in පුවත්
Wednesday, 01 November 2023 20:56

මහල් නිවාසවල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දී ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත මෙන්ම අමාත්‍යංශයේ මහජන දිනයේද ජනතාවගෙන් එවැනි ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි.

ඒ අනුව බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයන්හි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත සින්නක්කරව සෘජුවම පැවරීම සඳහා අනුමැතිය ඉල්ලමින් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය මධ්‍යම අදායම් නිවාස ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද්දකි. එය නවීන අංගෝපාංග වලින් යුක්තව මහල් නිවාස 24න් සමන්විත වේ.

නිවාස ඒකක 608න් සහ වාණිජ ඒකක 5කින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.

ඒ අනුව නිවසට අදාළව සම්පූර්ණ වටිනාකම හා දඩ මුදල් ගෙවා අවසන් කරන ලද ගැනුම්කරුවන් 247ක් වෙත මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස සින්නක්කර පදනම මත බැහැර කිරීම සිදුකර ඇත.

මුල් අයිතිකරු ජීවත්ව සිටියදී ඔහු හෝ ඇය විසින් මෙම නිවසට අදාළව බැංකු ණය මුදලක් ලබාගෙන නොමැති නම් අයිතිකරුගේ දරුවන් සඳහා අදාළ නිවසේ හිමිකම සෘජුවම පැවරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලය පවරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us