සිරවී සිටින ලාංකිකයන්ට ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර !

Published in පුවත්
Thursday, 02 November 2023 11:12

ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර ලැබී ඇතැයි තානාපති කාර්යාලය මඟින් දැනුම් දෙයි.

අද (02) උදෑසන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා එම දැනුම් දීම සදහන් කර ඇත.

ඒ අනුව අද දින දහවල් 12 පමණ වනවිට එම පිරිසෙන් 15 දෙනෙක් ඊජිප්තුවට ළඟා වීමට නියමිතය.

"ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම කරන්න ඊජිප්තු තානාපති කාර්යාලය වගේම පලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය අවශ්‍ය කටයුතු කරනවා. ඒ අනුව ඔවුන් සුරක්ෂිතව ඊජිප්තුව කරා ළඟාවීමට නියමිතයි. ඒ හැරුණු විට ඊශ්‍රායලයේ මේ වනවිට විශේෂ තත්ත්වයක් නෑ ශ්‍රී ලාංකිකයින් ගැන."

අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළ බව ද පැවසු ගාමිණි සෙනරත් යාපා මහතා, ඔහුව මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව ද පැවසීය.

මේ අතර හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us