අත්තනගලු ඔයේ ගංවතුර අවදානම තවදුරටත් !

Published in පුවත්
Friday, 03 November 2023 19:29

දිනෙන් දින ඇද හැලෙන වර්ෂාවත් සමග අත්තනගලු ඔයේ ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගඟේ පහළ ප්‍රදේශ සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර සඳහන් කළේ.

මේ අතර, දැනට පවත්නා වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවත් දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම සබරගමුව ,මධ්‍යම ඌව සහ උතුරු මැද පළාත් වලටත් මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් වර්ෂාව හමුවේ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයත් නිකුත් කර ඇති අතර මහනුවර , මාතලේ , රත්නපුර , කොළඹ , ගාල්ල , මාතර , කළුතර , කෑගල්ල , කුරුණෑගල හා බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඊට ඇතුළත් බව එම නිවේදනයේ සදහන්ය.

 

-RS

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us