ජාතිකත්ව කඳවුර රැකගැනීමට දේශපාලනයට එනවා - දිලිත්

Published in පුවත්
Monday, 06 November 2023 11:27

ව්‍යාපාරික දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව ඊයේ (05) ගාල්ලේ නගර ශාලාවේදී පැවැත්විණි.

සමුළුව අමතමින් දිලිත් ජයවීර පැවසුවේ තමන් වසර 30ක් තිස්සේ වක්‍රව දේශපාලනයට සම්බන්ධ වී සිටි බවත් මෙරට ජාතිකත්ව කඳවුර නියෝජනය කළ බවත් ය. ඒ ජාතිකත්ව කඳවුර නියෝජනය කළ නායකයින් පෞද්ගලික අභිලාෂ නිසා එම කඳවුර පාවාදී ඇති පසුබිමක එය රැකගැනීම සඳහා තමන් මෙවර සෘජුවම දේශපාලනයට අවතීර්ණ වීමට තීරණය කළ බවය.

ජාතිකත්ව කඳවුර යනු මේ රටට ආදරය කරන දේශප්‍රේමීන්ගේ කඳවුර බව පැවසූ දිලිත් ජයවීර මින් ඉදිරියට ඒ කඳවුර නියෝජනය කිරීමට වෙනත් කිසිවකුට ඉඩ නොතබන බවත් ජාතිකත්ව කඳවුර හා කිසිවකු එක්වන්නේ නම් ඒ මව්බිම ජනතා පක්ෂය හරහා ගොඩනැගෙන වැඩපිළිවෙලක් තුළ පමණක් බවත් අවධාරණය කළේය.

 මෙම සමුළුව සඳහා මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර, පක්ෂ සභාපති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us