මෙවර අයවැයෙන් අධ්‍යාපනයට රු.බිලියන 237ක් !

Published in පුවත්
Monday, 06 November 2023 19:25

2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසිය.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන්කල සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් 09 ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා මුදල් වෙන් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එසේම 2024 පෙබරවාරි 19 වනදා නව වසරේ පළමු පාසැල් වාරය ආරම්භ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට හැකි බවත් සඳහන් කළේය.

මේ අතර පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් ඉදිරිපත් කිරීමට මෙවර රජය කටයුතු කරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කර තිබේ. අමාත්‍යවරයා අවධාරණය කරන්නෙ වියදමට සරිලන ආකාරයේ ආදායමක් ජනතාවට ලැබිය යුතු බවයි.

ඒ සඳහා අවශ්‍ය යෝජනා මේ වන විටත් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us