ක්‍රිකට් ගැසට්ටුව ගැන සොයන්න කැබිනට් අනුකමිටුවක් !

Published in පුවත්
Monday, 06 November 2023 19:57

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට අද (06) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ සඳහා අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට ටිරාන් අලස් , මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද ඇතුළත්ය.

පස්වරු 6.30 ට පමණ අවසන් වූ කැබිනට් රැස්වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ආරම්භ වූ අතර එහිදීත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවට වාර්තා වන අතර නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව වාර්තා විය. ජනාධිපතිවරයා මේ ගැන දැනුවත්ව ඇත්තේ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තාවලින් බවද එම වාර්ථා සඳහන් කරයි.

ඒ අනුව මේ පිළිබඳ විමසීමට ජනාධිපතිවරයා අද පෙරවරු කාලයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සාහ දැරුවත් එය සාර්ථක නොවූ බව ද වාර්තා විය .

එවන් පසුබිමක කැබිනට් රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ක්‍රිකට් නව අතුරු කමිටුව සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහිදී තීරණය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටය.

 

-P.M

 

Last modified on Monday, 06 November 2023 20:26

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us