ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන් CID ය ප්‍රකාශ සටහන් කරගනී !

Published in පුවත්
Monday, 06 November 2023 20:42

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගේනවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නමැති ඖෂධ තොගයක් සැපයූ බවට වන චෝදනා මත අයිසෝලේස් බයෝටෙක් සමාගමේ හිමිකරු පසුගිය දා අත්අඩංගුවට ගෙන ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින්, ඇනවුම් කර ඇතැයි පසුගිය දා අනාවරණ විය.

මුලින් මෙම එන්නත් කුප්පි ආනයනය කළ බවට ප්‍රකාශ වුව ද පසුව කරුණු වාර්තාවූයේ ඒවා රට තුළ නිපදවා ඇති බවටයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, සේලයින් හෝ ඊට සමාන ද්‍රවණයක් හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අලෙවිකර ඇති බවටයි. මෙම එන්නත් තොගයේ වටිනාකම රුපියල් බිලියනයකට ආසන්නයි.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us