කොළඹ වරායේ සංවර්ධනයට අමෙරිකාවෙන් විශාල ආයෝජනයක් !

Published in පුවත්
Wednesday, 08 November 2023 12:35

ඇමරිකානු ඩොලර් මිලියන 500කට අධික ආයෝජනයකින් කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.‍

ඒ අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාව, Adani Ports & Special Economic Zones Limited (APSEZ) සමාගම සහ John Keells Holdings ඒකාබද්ධවයි.

දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තුළ, මෙම පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අදාළ මුදල වෙන් කර ඇති බව ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව හෙවත් (DFC)ආයතනය නිවේදනය කර තිබේ.

මෙම ආයෝජනය තවදුරටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව සමග ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසාර කැපවීම බවද එහි වැඩිදුරටත් සඳහන්ය.

ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාව හෙවත් (DFC) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේදන් මහතා පැවසුවේ, ශ්‍රී ලංකාව ලොව ප්‍රධානම අන්තර්හුවමාරු කේන්ද්‍රයක් වන අතර, බටහිර පර්යන්තයේ සංවර්ධනයට යොදවන මෙම ඩොලර් මිලියන 553 ක ආයෝජනය හරහා නාවික ධාරිතාව තවත් ඉහළ නැංවිය හැකි වනු ඇතැයි විශ්වාස කරන බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us