ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් !

Published in පුවත්
Wednesday, 08 November 2023 19:26

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් පැවසීය.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය පස්කුවල් මේ බව සඳහන් කර ඇත.

ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත් ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් ‍මෙසේද පැවසීය,

''ජනාධිපතිවරයාගේ උපදෙස් මත අබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරනවා. 2004 වර්ෂයේ සිට මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතුණ ද එය නිසි අයුරන් සකස් කරගැනීමට හැකි වූණේ නැහැ. එම පනත සකස් කර අවසන් කොට ලබන වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ආබාධිත දිනයේදී (දෙසැම්බර් 01) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.

ආබාධිත ප්‍රජාව යනු තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවෙන බව අප රජයේ ප්‍රතිපත්තියයි. ඒ සඳහා ඔවුන් සංවර්ධනය වෙනුවෙන් මෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් දායක කරගැනීමට අප ක්‍රියා කරනවා. ආබාධිත ප්‍රජාව තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැහැ. ඔවුන්ට අප හා සමාන අයිතිවාසිකම්, තාක්ෂණික පහසුකම් සහ (Accessibility) ප්‍රවේශයත් ලබාදිය යුතුයි.

ඒ වගේම සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය, විශ්‍රාම වැටුප් ක්‍රමය අනිවාර්යය කරන ලෙස සහ (disability studies) අබාධිත අධ්‍යයනය පාඨමාලාව විශ්ව විද්‍යාල විෂය නිර්දේශයට ඉදිරිපත් කරන ලෙසත් අප මෙවර අයවැය සඳහා ඉදිරිපත් කර තිබෙනවා''

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us