ලෝක ගැටලු ලංකාවට උචිත ලෙස විසඳාගත හැකි යුගයේ එකම ජනාධිපතිවරයා රනිල්!

Published in පුවත්
Friday, 10 November 2023 12:42

ලෝක ගැටලු රටට ගැලපෙන ආකාරයට විසදා ගත හැකි දක්ෂිණාංශික ඇසක්, දක්ෂිණාංශික දැක්මක් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුවක් වන “රයිට් වින්” විසින් සංවිධානය කළ “රනිල් ෆෝ 2024” වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කර සිටියේ අප රටේ ‘රයිට් වින්’ නියෝජනය කරන එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවයි. දක්ෂිණාංශික ඇසක් සහ දක්ෂිණාංශික දැක්මක් සහිත ලෝක ගැටලු ලංකාවට උචිත ලෙස විසදා ගැනීමට හැකි එකම ජනාධිපතිවරයා ඔහු බවත්  රට ගොඩනගන ක්‍රමවේදය ඔහු විසින් දැනට ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා පවසයි.

පසුගිය අවුරුදු වල තමන්ට හිමි වන්නේ මොනවාද ගැන පමණක් සිහිතබා තමන්ගේ වැටුපෙන් බදු අය කරගැනීම නතර කිරීම වෙනුවෙන් පාවිච්චි කල ඡන්දය නිසා රටේ අස්ථාවරත්වය, ආර්ථිකය විනාශ වී  රට ආපස්සට ගොස් ඇති  බවත්   ජනාධිපති විසින්  ක්‍රියාත්මක කරන මේ ක්‍රමවේදය රට ගොඩනැගීමට ඇති එකම ක්‍රමවේදය බව ජනතාව තේරුම් ගෙන ඇති බවත් අමාත්‍ය මනුෂ්‍ නානායක්කාර වැඩිදුරටත්  පැවසීය.

 

-ranjana

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us