අය වැයේ කතාව හෙට පාර්ලිමේන්තුවට! රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ටත් සුබ පණිවිඩ...

Published in පුවත්
Sunday, 12 November 2023 13:21

ජනාධිපතිවරයා  ලබන වසර 2024 සඳහා හෙට දිනයේ  (13) දහවල් 12.00 ට මුදල් ඇමැතිවරයා  ලෙස  විසර්ජන කෙටුම්පත (අයවැය) ඉදිරිපත් කිරීමට නියමිතය.



අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අනිද්දා දින  (14) ආරම්භ කෙරෙන අතර එම විවාදය ලබන 21 වැනිදා දක්වා දින හතක් එක දිගට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර පැවසුවාය.

අයවැය දෙවෙනි වර  කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනිදා අඟහරුවාදා සවස 6.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම  මස 22 වැනිදා බදාදා සිට ලබන  මස 13 වැනිදා බදාදා දක්වා ( ඉරිදා දින හැර) දින 19 ක්  පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

අයවැය තෙවැනි  වර  කියවීමේ ඡන්ද විමසීම ( අවසාන ඡන්දය) ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00 ට පැවැත්වේ.

එමෙන්ම රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට මෙවර අයවැයෙන් වැටුප් වැඩිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

රාජ්‍ය සේවක සහ විශ්‍රාමික වැටුප් වැඩිවීමට අමතරව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්‍ෂ 10 කට සහන සැලසීමට ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම රාජ්‍ය වියදම් කාර්යක්‍ෂමව කළමනාකරණය කරන අතරම රාජ්‍ය බදු ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හෙට (13දා) ඉදිරිපත් වන අය වැයෙන් ප්‍රමුඛ අවධානය යොමු කර ඇත. මේ අනුව වැට් බදු වැඩකිරීම ඇතුළු නව බදු ආදායම් යෝජනා කිහිපයක් අය වැයෙන් ඉදිරිපත්වන අතර දැනට ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කිරීමට ද අය වැයෙන් අවධානය යොමු කර ඇත. වර්ෂ තුනක (2024 - 2026) යන වර්ෂ තුනක මැදිකාලීන රාමුවක් තුළ අයවැය සැකසෙන අතර ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කර ගැනීම සඳහා සැලසුම් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබේ.

RS

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us