විදේශගත ශ්‍රමිකයින් ගෙන් රුපියල් කෝටි 240,000ක් මෙරටට !

Published in පුවත්
Tuesday, 14 November 2023 09:29

විදේශ ගත ශ්‍රමිකයින් විසින් රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසා ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් තමන් සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ .

“බොහෝ දෙනා දිවයිනට ප්‍රේෂණ එවන්න එපා කියද්දි, අපි ගැන පූර්ණ විශ්වාසය තියලා විදේශ ගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 7කට අධික මුදලක් දිවයිනට එවලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 2.4ක් නැත්තම් රුපියල් කෝටි 240,000ක්. මම මේ අමාත්‍යාංශය භාරගෙන මාස 18යි. ඒ කාලයට මට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න විශාල දායකත්වයක් ලබාදෙන්න පුළුවන් වුණා. ඒකට විදේශගත ශ්‍රමිකයින් ලබාදුන්න සහයෝගය අති විශාලයි. මේ රටේ තෙල් ටික ගේන්න, බෙහෙත් ටික ගේන්න, ගෑස් පෝලිම් නතර කරන්න ඒ සල්ලි යොදාගත්තා. මේ රට වැටිලා තිබුණ අගාධයෙන් රට ගොඩගන්න පුළුවන් වුණේ විදේශගත ශ්‍රමිකයින් ලබාදුන්න දායකත්වය නිසා. ඒකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් හා රැකියා නියෝජිතායතනවල සාමාජිකයින් විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ හැමදෙනාටම ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us