ඉතිහාසයේ පළමු වතාවට ව්‍යවසායකයින්ට බිලියන 50ක් වෙන් කෙරු අයවැය

Published in පුවත්
Tuesday, 14 November 2023 10:34

රුපියල් බිලියන 50ක් තරම් අතිවිශාල මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනයට ජාතික අය වැයකින් වෙන් කළේ ඉතිහාසයේ පළමු වතාවට යැයි සුළු හා මධ්‍ය පරිමාණ වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති නවාස් රාජාබ්දීන් ප්‍රකාශ කළේය.

මීට පෙර කිසිම රජයක අයවැයකින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධනයට නොදුන් මුදලක් මෙවර අය වැයෙන් වත්මන් ජනාධිපති මුදල් ඇමැතිවරයා ලෙස මේ අංශයේ දියුණුවට ලබා දී ඇතැයිද ඒ සම්බන්ධයෙන් සතුටු වන්නේද සභාපතිවරයා පැවසීය.

කොවිඩ්- 19 වසංගතයෙන් පසුව නැවත හිස ඔසවමින් පවතින රටේ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යාපාර පුනර්ජීවනය හා ප්‍රතිව්‍යුහගත කිරීමට මේසා විශාල මුදලක් වෙන් කිරීම ගැන වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් රජයට ප්‍රසාදය පළ කරන බවද ඔහු කීය.

මෙලෙස වෙන් කළ මුදලින් තම වාණිජ මණ්ඩලය ආරම්භ කළ නවතම ව්‍යාපාර දියුණු කිරීමට අත දීමේ වැඩපිළිවෙළට ශක්තියක් සැපයිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

මීට අමතරව මෙලෙස අය වැයෙන් වෙන් කළ මුදලින් තරුණ ව්‍යවසායකයන්ට දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට අරමුදල් සැපයිය යුතු යැයි ඔහු යෝජනා කළේය. ඊට අමතරව කාන්තා ව්‍යවසායකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු පොලී ණයක් ලබා දීමට ක්‍රියා කරන්නැයි තමා ඉල්ලා සිටින බවද රාජාබ්දීන් සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us